Wednesday 18 February 2009

කිව්වත් වගේ!
අවවාදයට වඩා ආදර්ශය උතුම්!
සමාවෙන්න, ඇත්තටම අවවාදයක් දෙන්න ගියා නෙමේ,
මම බ්ලොග් ලිවිල්ලට වඩා කියවිල්ලටයි කැමති (දක්ෂ). ඉතින් ආසාවෙන් කියවපු බ්ලොග් කිහිපයක් පේන්න නැතිව ගියාම ඇතිවුණ හිතේ දුකට තමා කලින් සටහන ලිව්වේ.
කොහොමත් කවුරු කවුරුත් නිතරම ලියනවා නම් තමා හොඳ. එතකොට විවිධත්වය හොඳින් රැඳී පවතිනවා.
බ්ලොග් කියන්නෙ හරිම ආශ්වාදජනක සන්නිවේදන කුමයක්. ඕනෑම මාධ්‍යයකට වඩා වේගයෙන් ප්‍රේක්ෂක (ශ්‍රාවක/පාඨක) ප්‍රතිචාර ලැබෙනවා. මෙහි වටිනාම අවස්ථාව තියෙන්නේ ප්‍රේක්ෂක/ශ්‍රාවක/පාඨක සමූහයටයි. වෙනත් මාධ්‍යයක පලවෙන දෙයකට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වුනත් ඒ සඳහා තිබෙන අවස්ථාව හරි සීමිතයි.
ඒ වගේ සිංහලෙන් බ්ලොග් ලියන අයට තියෙන මේ සින්ඩිකේටරයත් ඉතා අනගි අවස්ථාවක්. එසේම එයට ෆයර් ෆොක්ස්වල 'නවතම ශීර්ෂක' යටතේ පිවිසීමට අවශ්ථාව ලැබී තිබීමත් වැඩි කණ්ඩායමක් අතරට යෑමට හොඳ පිටුවහලක්.
මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම මෙන්ම ජනතාවට වටිනා යමක් ලබා දීම සෑම ක්ෂේත්‍රයකම සිටින විද්වතුන්ගේ, වෘත්තීකයින්ගේ හා ප්‍රවීනයින්ගේ යුතුකමක්.
  • විශ්ව විද්‍යාලවල පර්යේෂණ කරනා විද්වතුන්ට තම පර්යේෂණ නිබන්දන, ලිපි (Article ) ආදිය ප්‍රකාශයට පත් කිරීමට හොඳ මාධ්‍යයක්.
  • එවැනි දෑ ප්‍රකාශයට පත් කිරීමට එම විද්වතුන්ට සහයෝගය ලබා දීමට, ඒ සඳහා හැකියාව තිබෙන අයට ඉදිරිපත් විය හැකියි.
  • පාසල් ගුරුවරුන්ට, අමතර පන්ති ගුරුවරුන්ට තමන් එදිනෙදා උගන්වන පාඩම්වල සටහන් තමන්ගේ බ්ලොග් අඩවියක් හරහා පොදුවේ ලබාදිය හැකියි.
  • වෛද්‍යවරුන්ට තම අත්දැකීම් මහජනතාව වෙත බෙදා හැරීමට භාවිතා කළ හැකියි.
  • මාධ්‍යවේදීන්ට තමන්ගේ ප්‍රකාශන සඳහා ඉක්මන් ප්‍රථිචාර ලබා ගැනීම සඳහා තමන්ගේ බ්ලොග් ලිපිනය ප්‍රකාශ කිරීමෙන්/පලකිරීමෙන් අවස්ථාව උදා කරගත හැකියි.
  • දේශපාලකයින්ට තම මතය පැතිරවීමටත් (නැතත් කමක් නෑ ‍කියලත් හිතෙනවා), ඒ පිළිබඳ ඡන්දදායකයින්ගේ ප්‍රථිචාර දැනගැනීමටත්, ඒ අනුව වෙනස් වීමටත් (හික්) හොඳ අවස්ථාවක් තියෙනවා.
වැඩේ දිග් වෙනවා වගේ.
කෙටියෙන් කිව්වොත් මේ 'සිංහල බ්ලොග්' මාධ්‍ය තව දුරටත් ජනතාව අතරට යා යුතුයි.

Tuesday 17 February 2009

බ්ලොග් ලිවීම

එක දවසක් බලනකොට සින්ඩියේ 280 ක් හිටියා. (දැන් 271ට අඩුකරල).
මැගි ආච්චි, යටගිය දවස, මගේ නිනව්ව, මගේ ඉගෙනුම්, හෙළහෙලිය, චූටි දුව .....
ඔයවගේ මම ආසාවෙන් කියවපු බ්ලොග් ගොඩක් ඇනහිටලා.
ඇයි ඒ. ඒ අය නොලිව්වට සින්ඩිය පලනවා ඇතිනේ. එහෙම හිතාගෙන මේ ලියන්නේ.
ආයෙත් ලියන්න. අපි ආසයි කියවන්න.