Friday 30 January 2009

ආයුබෝ වේවා!

බ්ලොග් කියවපු එක තමා කළේ.
අඩුම ගානෙ කමෙන්ට් එකක්වත් දැම්මේ නෑ.
ඒක අසාධාරන වැඩක් වගේ පෙනුනා.
ගොළු වෙලා ඉන්නනේ ඇයි?
ලියන්න හිතුනා,
හැදුව බ්ලොග් එකක්;
ඔන්න ලිව්ව පළවෙනි එක.

දවස ගානෙ බ්ලොග් බැලුවට, දවස ගානෙ‍
පොස්ට් දාන්නෙ නම් නෑ.
ඒත් ඉඳල හිටල නෙමේ; යම් කාලපරාසයක් තුල හෝ
අවශ්‍යයැයි හැ‍ඟෙන විටකදී ලියනවා.

නිශ්චිත මාතෘකාවක් ගැන අදහසක් නෑ.
එදිනෙදා දේවල්.
හරියට කිලීන බණ වගේ.
එහෙම හොඳා නේද?

අනිත් කාරණය;
මට පරිගණක ගැන, සිංහල ගැන (පරිගනකයේ), අන්තර්ජාල භාවිතය ගැන, බ්ලොග් ගැන, සිංහල බ්ලොග් සංගමය ගැන හා මෙහි නීති රීති, චාරිත්‍ර වාරිත්‍ර ගැන වැඩි දැනුමක් නෑ.
ඒ නිසා මගෙන් යම් වැරද්දක් වෙනවානම් කරුණාකර හා හැකි විගස පෙන්නා දෙන්න.
මම (රාහුල හාමුදුරුවෝ වගේ) අවවාද අනුශාසනා ඉතසිතින් පිළිගැනීමට සූදානම්.

ස්තුතියි.
ඔබ සැමට වාසනාවන්!
මම
තිලිණ පාදුක්ක.