Friday 30 January 2009

ආයුබෝ වේවා!

බ්ලොග් කියවපු එක තමා කළේ.
අඩුම ගානෙ කමෙන්ට් එකක්වත් දැම්මේ නෑ.
ඒක අසාධාරන වැඩක් වගේ පෙනුනා.
ගොළු වෙලා ඉන්නනේ ඇයි?
ලියන්න හිතුනා,
හැදුව බ්ලොග් එකක්;
ඔන්න ලිව්ව පළවෙනි එක.

දවස ගානෙ බ්ලොග් බැලුවට, දවස ගානෙ‍
පොස්ට් දාන්නෙ නම් නෑ.
ඒත් ඉඳල හිටල නෙමේ; යම් කාලපරාසයක් තුල හෝ
අවශ්‍යයැයි හැ‍ඟෙන විටකදී ලියනවා.

නිශ්චිත මාතෘකාවක් ගැන අදහසක් නෑ.
එදිනෙදා දේවල්.
හරියට කිලීන බණ වගේ.
එහෙම හොඳා නේද?

අනිත් කාරණය;
මට පරිගණක ගැන, සිංහල ගැන (පරිගනකයේ), අන්තර්ජාල භාවිතය ගැන, බ්ලොග් ගැන, සිංහල බ්ලොග් සංගමය ගැන හා මෙහි නීති රීති, චාරිත්‍ර වාරිත්‍ර ගැන වැඩි දැනුමක් නෑ.
ඒ නිසා මගෙන් යම් වැරද්දක් වෙනවානම් කරුණාකර හා හැකි විගස පෙන්නා දෙන්න.
මම (රාහුල හාමුදුරුවෝ වගේ) අවවාද අනුශාසනා ඉතසිතින් පිළිගැනීමට සූදානම්.

ස්තුතියි.
ඔබ සැමට වාසනාවන්!
මම
තිලිණ පාදුක්ක.

7 comments:

Anonymous said...

සාදරයෙන් පිලිගනිමු!!!

ශාකුන්තල | Shaakunthala said...

ආයුබෝ ආයුබෝ!
බ්ලොග් සංසදය කෙසේ වෙතත් බ්ලොග් ලිවීමට නීති රීති තියෙනව කියල නං මම අහල නෑ. :)

රයිගමයා රයිගම් කෝරළේ විස්තර ලියන්න. අපි කියවනවා.

Manoj colambage said...

රයිගමයා ....
ආවඩා ආයිබේ කියලම පිළිගන්නවා.

Indranama said...

ඔයාගෙ බ්ලොග් එක ඔයාට අයිති නිදහස් තැනක්. ඒකෙ ඔයාව control කරන්න නීතිරීති නෑ. ඔයාට කැමති දෙයක් ලියන්න පුලුවන්. හරියට ඔයා ගහන පත්තරයක් වගේ. තියෙන්නෙ cyber ethics විතරයි. ඒවා අනුගමනය කිරීම හෝ නොකිරීම ඔයාට අයිතියි.

සිංහල බ්ලොග් අවකාශය වෙත ආයුබෝවන් !

ගයාන් කල්හාර said...

නියමයි, අපිට ගම්පොලයකුත් ඉන්න නිසා, රයිගමයත් එකතු උනාම තවත් එල...

මේක ඔයාගෙ බ්ලොග් එක. ඔයාට ඕනෙ විදියකට පාවිච්චි කරන්න පුලුවන්, නරක දෙයක් උනත් දාන්න පුලුවන්, ඒත් එහෙම දැම්මාම කැතයි කියල මතක තියාගත්තාම හොඳටම ඇති

malee_msg said...

අඩ්ඩඩ්ඩේ.. ගම්පළ‍යා නම් කලින්ම බ්ලොග් ලියන්න පටන් අරන් තිබ්බා.. දැන් රයිගමයත් ඉන්නවා.. නියමයි.. ලියන්න ලියන්න...

පොතේ ගුරා said...

මල් හතයි..දිගටම ලියන්න..ජයවේවා!!