Monday 27 April 2009

බස්නාහිර මහ ඇමති.

පුදුමාතලන් අල්ල ගන්නවාට වඩා අමාරු වෙයි අපේ ජනාධිපතිතුමාට බස්නාහිර මහ ඇමති ඇතුළු ඇමති මණ්ඩලය පත්කිරීම. කරුමෙ නියන්නේ මේවට දාන්න පුළුවන් උපරිම 5 නෙ. එහෙම නීතියක් නොතිබුනානම් ගේමක් නෑ. හැබෑට දැන් 2/3 ක් තිනෙ නිසා ප්‍රඥ්ඥප්තියක් ගෙනල්ල බැරිද දන්නේ නෑ ඒ 5 හේ නීතිය වෙනස් කරගන්න. ජ.ර.ආ. ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෙ ඇති මගේ හිතේ.
කියන්න ගියේ ඒක නෙමේ. කවුද මහ ඇමති.
  • ‍ රෙජිනෝල්ඩ් කුරේ
හිටපු මහ ඇමතිතුමාය. අනිත් පළාත් වලත් දුන්නේ හිටපු එක්කෙනාටම නිසා මෙතුමාට දීම සාධාරනය. ඊටත් වඩා ඉටුකිරීමට සැලසුම් කළ කාර්යයන් නියමිත කාලයේ අවසන් කිරීමට නොහැකි වූ බව පවසන හෙයින් අඩුම ගානේ ඒ ටික කරගැනීමටවත් මහ ඇමති කම දිය යුතුය.
  • විදුර වික්‍රමනායක
අපේ විකල්ප ජනාධිපතිතුමාගේ (ඒකියන්නේ අගමැතිතුමාගේ) පුත්‍රයා බැවින්, මනුස්සකම අනන්තය දක්වාම පැතිර ඇති බැවින්, තවත් පරම්පරාවක් බිහිවී තිබීම සුදුසු බැවින්, කොටින්ම මේතරම් සුදුසු කෙනෙක් වෙන නොමැති බැවින් මහ ඇමති කම දිය යුතුය.
  • දුමින්ද සිල්වා (ආර්.)
දහස් ගණන් මිනිසුන්ගේ නිවාස සිහිනය සැබෑ කළ බැවින්, දරුවන් ලක්ෂ ගනනකගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කළ බැවින්, දහස් ගණනින් ස්වයං රැකියා බිහිකොට අහිංසක මිනිසුන්ට දෙපයින් නැගී සිටීමට උර දුන් බැවින්, තරුණ(ණි)යන්ගේ හද ගැස්ම තේරුම්ගත්, තරුණ(ණි)යන් අතර සිට, තරුණ(ණි)යන් වෙනුවෙන්(ට) විශාල වැඩ කොටසක් ඉටුකළ බැවින්, දුකින් පීඩිත මිනිසුන්ට සිනහව උරුම කරදුන් බැවින්, කොළඹ දිස්ත්‍රික්කයේ අභිමානය බැවින්, විශාල මුදලක් වියදම් වී ඇති බැවින්, කොටින්ම මේතරම් සුදුසු කෙනෙක් වෙන නොමැති බැවින් මහ ඇමති කම දිය යුතුය.
  • තිලංග සුමතිපාල
දක්ෂ ව්‍යාපාරිකයෙකු බැවින්, ක්‍රිකට්වලට සම්බන්ධ බැවින්, බස්නාහිර පමණක් නොව රටපුරා සිටිනා විශාල පිරිසක් අතට දිනපතා පුවත් පතක් හා තවත් පතක් ලබා දීමට කටයුතු කරනා බැවින්, සෑහෙන වියදමක් දැරීමට සිදුවූ බැවින්, ආදි නාලන්දියෙක් බැවින්, ලංකාවේ 'පැත්ත පළාතේ නොසිටිය යුතු එවුන්' රටින් පිට කළ බැවින්, කොටින්ම මේතරම් සුදුසු කෙනෙක් වෙන නොමැති බැවින් මහ ඇමති කම දිය යුතුය.
  • ප්‍රසන්න රණතුංග
වසර ගනනාවක් පළාත් සභාවේ ඇමති කෙනෙක්ව සිටි බැවින්, මහ ඇමති රට ගිය විට රොටේෂන් එකට එන වැඩබැලී‍ම කර ඇති බැවින්, රට ජාතිය වැනි ක්‍රිකට් වෙනුවෙන් තම ඇමතිකම පූජාකළ අර්ජුනගේ මල්ලී බැවින් රජයේ ආහාර ගබඩාවේ සිට ආණ්ඩුකාර කම දක්වාම නොයෙක් වැඩ කළ තාත්තෙක්ගේ පුතෙක් වූ බැවින්, දකුණට ඇදීයන සංවර්ධන ධාරාව නැවත බස්නාහිරට හරවා ගැනීමට අවශ්‍ය බැවින්, කොටින්ම මේතරම් සුදුසු කෙනෙක් වෙන නොමැති බැවින් මහ ඇමති කම දිය යුතුය.
  • නිමල් බෝපගේ
පක්ෂයේ න්‍යායාචාර්යවරයාගේ න්‍යායාචාර්යවරයා බැවින්, මහින්ද චින්තනය තමන්ගේ අත් අකුරින්ම ලිව් එකක්බැව් ප්‍රකාශ කරන බැවින්, දකුණෙන් පැමිණි කෙනෙක් බැවින්, කොටින්ම මේතරම් සුදුසු කෙනෙක් වෙන නොමැති බැවින් මහ ඇමති කම දිය යුතුය.
  • නව්සර් ෆවුසි
තාත්තාත් දැන් වසය බැවින්, සියක් නමකට සාංඝීක දානයක් දුන් බැවින්, සිංහල දෙමළ මහ ඇමතිවරු සිටියද මුස්ලිම් කෙනෙකු නොමැති බැවින්, කොටින්ම මේතරම් සුදුසු කෙනෙක් වෙන නොමැති බැවින් මහ ඇමති කම දිය යුතුය.
  • හෙක්ටර් බෙත්මගේ
බුද්ධිමත් වැදගත් අහිංසක නායකයෙක් බැවින්, ලංකාවේ 'පැත්ත පළාතේ නොසිටිය යුතු එවුන්' රටින් පිට කළ බැවින්, මහ ඇමති රට ගිය විට රොටේෂන් එකට එන වැඩබැලී‍ම කර ඇති බැවින්, සත්පුරුෂ දේශපාලනය සාදාකාලික හා අපරාජිත බැවින්, 'Gentlmanly ' Politics Eternal & 'Undefeatable' HECTOR BETHMAGE බැවින් (සෑම වරකම බස්නාහිර අධ්‍යාපනේ මහ ඇමති ගත් නිසා මේ සැරෙත් එය දැරීමට මෙවැනි සුදුසුකම් තිබිය යුතුය.), කොටින්ම මේතරම් සුදුසු කෙනෙක් වෙන නොමැති බැවින් මහ ඇමති කම දිය යුතුය.

  • උදය ගම්මන්පිල
නවතම ප්‍රචාරක විධි භාවිතා කළ බැවින්, හාමුදුරුවරුන්ට දේශපාලනයට නුසුදුසු නිසා ඒ තැන ගන්නට කෙනෙක් සිටිය යුතු බැවින්, ඇල්වතුරත් නිමලා බොන බැවින්, ඇත්තටම මේතරම් සුදුසු කෙනෙක් වෙන නොමැති බැවින් මහ ඇමති කම දිය යුතුය.


මගෙ අම්මෝ, තව ඉන්නවා ඒත් මම මේක ලියල ඉවර වෙනකොට ජනාධිපතිතුමා වෙන කාට හරි දීල තියේවි. ඒනිසා දැන්මම ෆෝස්ට් කරන්න ඕනෙ. මේ ඉතා සාධාරන හේතු බොහොමයක් සොයාගත්තේ පත්තරවලින්ම තමා. සමහර දේවල් ප්‍රවාද. කොහොමත් මේ අතරින් කෙනෙක් පත් වේවි. තෝරන්නෙ මම නම් එයත් මෙතනම ඉන්නවා. පුළුවන්නම් කියන්න.

Sunday 5 April 2009

තාත්තට මාට්ටු

මාර වැඩේ උනේ!
මාර නෑ මාර නෑ.
ඕව සාමාන්‍ය දේවල්.
කොහොම හරි තාත්ත (ලව්) ෆෝස්ට් එක කියවලා.
මල්ලිගෙ වැඩක් වගේ! නැත්නම් තාත්තා ඕව කියනවන්නේ නෑ සාමාන්‍යයෙන්. කොහොම හරි 'අම්මගෙන් තාත්තගෙන් අහන්නද?' කියල ලියපු එක ගැන තමා තාත්තා වැඩියම කථා කළේ.
තාත්තා කියන්නේ අහන්න හොඳම අම්මගෙන් නැත්නම් තාත්තගෙන් කියල. හික්! ඕවත් අහන්න පුළුවන්ද? තමන්නේ හොඳම යාළුවා කරගන්න ඕනෙ අම්ම/තාත්තලු. එක් අතකින් ඇත්ත. ඒත් තාත්තලා තමා පොඩිකාලෙ ඉඳන් අපිව ඒතට පුරුදු කරන්න ඕනෙ. දන්න දවසේ ඉඳල පොලිස්කාරයෝ වගේ ඉඳල දැන් එනවා යාළුවෝ වෙන්න. ලව් කරන්න හදනකොට තමා ඒ ගොල්ලෝ බයවෙලා තියෙන්නේ.
කොහොම හරි තාත්තා ආදරය ගැන කියපු දේවලුත් හරි මරු. තාත්තා කියන විදිහටම කරන කෙනෙක්නම් අපේ අම්මා හරිම වාසනාවන්ත පෙම්වතියක්. කෝ අම්මා මෙලෝ දෙයක් කියන්නේ නෑනේ. ඉතින් කොහොමද හොඳම යාළුවා කරගන්නේ.