Sunday 5 April 2009

තාත්තට මාට්ටු

මාර වැඩේ උනේ!
මාර නෑ මාර නෑ.
ඕව සාමාන්‍ය දේවල්.
කොහොම හරි තාත්ත (ලව්) ෆෝස්ට් එක කියවලා.
මල්ලිගෙ වැඩක් වගේ! නැත්නම් තාත්තා ඕව කියනවන්නේ නෑ සාමාන්‍යයෙන්. කොහොම හරි 'අම්මගෙන් තාත්තගෙන් අහන්නද?' කියල ලියපු එක ගැන තමා තාත්තා වැඩියම කථා කළේ.
තාත්තා කියන්නේ අහන්න හොඳම අම්මගෙන් නැත්නම් තාත්තගෙන් කියල. හික්! ඕවත් අහන්න පුළුවන්ද? තමන්නේ හොඳම යාළුවා කරගන්න ඕනෙ අම්ම/තාත්තලු. එක් අතකින් ඇත්ත. ඒත් තාත්තලා තමා පොඩිකාලෙ ඉඳන් අපිව ඒතට පුරුදු කරන්න ඕනෙ. දන්න දවසේ ඉඳල පොලිස්කාරයෝ වගේ ඉඳල දැන් එනවා යාළුවෝ වෙන්න. ලව් කරන්න හදනකොට තමා ඒ ගොල්ලෝ බයවෙලා තියෙන්නේ.
කොහොම හරි තාත්තා ආදරය ගැන කියපු දේවලුත් හරි මරු. තාත්තා කියන විදිහටම කරන කෙනෙක්නම් අපේ අම්මා හරිම වාසනාවන්ත පෙම්වතියක්. කෝ අම්මා මෙලෝ දෙයක් කියන්නේ නෑනේ. ඉතින් කොහොමද හොඳම යාළුවා කරගන්නේ.

1 comment:

බුද්ධික said...

අනේ උඹ නම් :P