Monday 30 March 2009

ලව් කරන වයස

ආදරය කියන්නෙයි ප්‍රේමය කියන්නෙයි එකක්ද? නැත්නම් දෙකක්ද?
කොල්ලෙක් කෙල්ලෙක්ට 'මම ඔයාට කැමතියි' කියන්නේ මොකටද?
ආදරය උපදින්නේ රාගය නිසාද? ආදරයේ ‍උපරිමය රාගයද?
කෙල්ලෙක් තෝරගන්නේ කොහොමද?
යාළු උනොත් බඳින්නම ඕනෙද?
එකපාර දෙන්නෙක්ට ලව් කරන්න බැරිද?
කෙල්ල බාල වෙන්න ඕනෙද?
ලස්සන කෙල්ලෙක් වෙන්නම ඕනෙද?
මගේ පෙනුමට කැමති වෙයිද?
ඉගෙන ගන්න කාලෙ ඕව හොඳ නැද්ද?
ලව් කරන්න පටන් ගන්න හොඳම වයස මොකක්ද?

'ලව්' ගැන මට තියෙන ප්‍රශ්ණ.

තාත්තගෙන් අම්මගෙන් අහන්නයැ..!
කියල දෙනවද?

5 comments:

eRanga said...

'මම ඔයාට කැමතියි' කියලා කියන්නෙ සහ 'මම ඔයාට ආදරෙයි' කියල කියන්නෙ සම්පූර්නයෙන්ම දෙකක්! නමුත් අපිට සිංහලෙන් ඒක කියන්න ෆිට් එකක් / විශ්වාසයක් නෑ.

නමුත් අපි මෙහෙම කියන වෙලාවට අදහස් කරන්නෙ ආදරෙ කියන එක තමයි.

මෙහෙම හිතන්න.. එතකොට තේරෙයි
I Like you
I Love you

Anonymous said...

මම හිතනවා සමහර ප්‍රශ්න වලට උත්තර හෙයාගන්න එක මාර අමාරුයි කියලා උත්තර දැන ගත්තාත් එක අකුරුවලට නැත්නම් වචන වලට හරවන්න ඊටත් වඩා අමාරුයි කියලා

malee_msg said...

හැම එකකටම බෑ දන්න ටිකට කියන්නම්..මම වැරදි නම් නිවැරදි කරන්න.‍
ආදරය කියන්නෙයි ප්‍රේමය කියන්නෙයි එකක්ද? නැත්නම් දෙකක්ද?
වෙනසක් නෑ නේද? දෙකම හිතේ ඇතිවන හැගීමක්. අවංකව හිතට එකගව කරනවා නම් ඒක ප්‍රේමය වෙන්න ඕනි.

කොල්ලෙක් කෙල්ලෙක්ට 'මම ඔයාට කැමතියි' කියන්නේ මොකටද?
නොදනිමි

ආදරය උපදින්නේ රාගය නිසාද? ආදරයේ ‍උපරිමය රාගයද?
නෑ.. රාගය නිසා ආදරය ඇති වුනත් ඒක සදාකාලික නෑ. ඒක එක් ආශාවක් විතරයි. කල්යෑමත් සමග ආදරය නැති වී යා හැකියි. ආදර‍යේ උපරිමය රාගය නෙවෙයි. ඒක ආදරය නිසා ඇති වන තවත් එක් හැගීමක්/විදීමක් විතරයි. ආදරයට පොඩි උද්දීපනයක් වෙනවා මිසක් ආදරයේ උපරිමය රාගය නෙවෙයි.

කෙල්ලෙක් තෝරගන්නේ කොහොමද?
තමන්ගේ හිතින් අවංකවම අහන්න මේ තමන් කැමති කෙ‍නාද කියලා.
යාළු උනොත් බඳින්නම ඕනෙද?
නැහැ. ඒක අපේ සමාජය විසින් බලෙන් පටවා ගත් දෙයක්. ගැලපෙන්නේ නැත්නම් දෙන්නම කතා කරලා වෙන් වෙන එක හොදයි. නමුත් එය දෙපාර්ශවයටම දුකක් නොවන දෙයක් විය යුතුයි!

එකපාර දෙන්නෙක්ට ලව් කරන්න බැරිද?
පුළුවන්..ඒත්... ඔයා කැමතිද ඔයා ආදරය කරන කෙනා ඔයාටයි තව කෙනෙකුටයි එකපාර ආදරය කරනවට???

කෙල්ල බාල වෙන්න ඕනෙද?
අනිවාර්ය නැහැ.. නමුත් එහෙම වෙන එක වඩා හොදයි කියලා මට හිතෙනවා.

ලස්සන කෙල්ලෙක් වෙන්නම ඕනෙද?
ඒක තමන්ට බාරයි.

මගේ පෙනුමට කැමති වෙයිද?
ඒක එයාට බාර දෙයක්‍. නමුත් පෙනුම කියන දේ ආදරයකදි අංක 1ට ආවොත් සාර්ථක ආදරයක් තියෙයිද කියන ගැටළුව එනවා.

ඉගෙන ගන්න කාලෙ ඕව හොඳ නැද්ද?
දෙකම සමබර කරගන්න තමන්ට පුළුවන් නම් ඉතිං අවුලක් නෑ. නමුත් අධ්‍යාපනය අංක 1 වෙන එක හොදයි

ලව් කරන්න පටන් ගන්න හොඳම වයස මොකක්ද?
ඒක ඉතිං කියන්නේ කොහොමද? මම නම් කැමතියි 20න් පස්සේ කරනවා නම්.

eRanga said...

"මට එයා නැතුව ඉන්න බැහැ" නැතුව
"මට එයා එක්ක ඉන්න පුළුවන්" කියන එකට මුල් තැන දෙන්න.

Harshana said...

most of ur questions are depending to person to person. As I think most of are individual views. someone can be think in one side/View others think in other side/view.

and also there was much ppls living without LOVE in the world.