Sunday 28 June 2009

බලය බෙදීම

අපේ රටේ තියෙන ප්‍රශ්නයට විසඳුමක් ලෙස බලය බෙදීම කළයුතු බව දැන් කිරිවලට පැණි වගේ එකට යන දෙයක් වෙලා. සීනි එක්ක කිරි කන කට්ටිය වගේ බලය බෙදීමට වඩා වෙනස් විසඳුම් ගැන කියන අයත් ඉන්නවා. කොහොම හරි 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම හෝ ඊට වැඩි දෙයක් දෙන්නයි කට්ටිය කැස කවන්නේ. මමත් වැරදි වචනයක් දැම්ම. දෙනවා කියන එක. කාටද දෙන්නේ. දෙමෙළුන්ටද? උතුරට හා නැගෙනහිරටද? කොටින්නම් දැන් නෑනෙ. ඩග්ලස් දේවානන්දලා, කරුනලාටද? නැත්නම් රටටමද? ඔතන තමා ප්‍රශ්නෙ තියෙන්නේ.
මොකක්ද ප්‍රශ්නය කියල තේරුම් ගන්නේ නැතිව විසඳුම් දෙන්න පුළුවන්ද? රටේ ඉන්න එක කොටසකගේ භාෂාව අනෙක් කොටසට තේරෙන්නේ නැතුවට දෙගොල්ලන්ට පොලිස් බලතල බෙදල දීල හරියනවද? එක පළාතක වැවෙන දේ රටේ තව පළාතකට ගෙනිහින් විකුනගන්න විදිහක් නැතුවට ඉඩම් බලතල බෙදල දීල හරියනවද? කරන්න රස්සාවක් නැතුව, යහපත් ජීවිතයක් ගත කරන්න අතේ සතේ නැතිව තරුණයෝ වේලෙන එකට මන්ත්‍රීවරු සියක් හමාරක් පත්කරගත්තට වැඩක් තිනෙවද? බොන්න වතුර ටික ගේන්න කළගෙඩි තුන හතරක් එක උඩ එක ඔළුවෙ තියාගෙන හැතැප්ම ගානක් යන්න වෙලා තියෙන ‍එකට මහ ඇමතිවරු නමදෙනෙක් පත් කළා කියල වැඩක් වෙලා තියෙනවාද? කොට කලිසමක් ඇන්ඳ වැරැද්දට ඩෙංගු හැදිල මැරිල යන රටේ සෞඛ්‍ය අමාත්‍යංශ 10ක් තිබුනට වැඩක් තියෙනවාද?
ඔය විදිහට අපිට දැනෙන, අපිට වගේම අනෙත් අයටත් දැනෙන ප්‍රශ්න ගොඩක එකතුවක් ඒ ඒ ප්‍රදේශයේ නැත්නම් ජාතියේ නැත්නම් පක්ෂයේ හැටියට එළියට එනකොට ඒකට තමන්ගේ ජාතියේ හැටියට, පක්ෂයේ හැටියට, ප්‍රදේශයේ හැටියට හිතල විසඳුම් දෙන්න යන්නේ නැතිව රටේ සමස්ථ ජනතාවටම දැනෙන ප්‍රශ්නවලට, දැනෙන විසඳුමක් දුන්නොත් ඔය විකාර ඕනෙ වෙන එකක් නෑ.
මගේ පුංචි කමට මට හිතෙන දේ කීවේ. මහප්‍රාණ නම් නෑ. කොහොම හරි බලමුකො වෙන්නෙ මොකක්ද කියල. මොකද අපි මොනව කිව්වත් ඒව කරන එකක්යැ. ඒ ගොල්ලන්ට ඕනෙ දේමනේ කරන්නේ. කරපල්ලකො. හරි යයිද බලන්න.
ඔය වෙලාවට තමා ලොකු උනහම දේශපාලකයෙක් වෙන්න හිතෙන්නෙ.

1 comment:

Ramachandra said...

ඔබ නිවැරදියි.බලය ලැබෙන්න ඔනෙ මිනිස්සුන්ට.පොදු සමාජයට.හැබැයි 13 වෙනි සංශෝධනය බලාත්මක කිරීමෙන් මම හිතන විදිහට නම් වෙන්නේ පලාත්බදව තවත් වරප්‍රසාදිත දේශපාලක කුලයක් තර වීම මිස ජනයාගේ අවශ්‍යතා ඉටුවීමක් හෝ ජනයාගේ හඩ ඇතුලත් වෙන විදිහට දේශපාලන ව්‍යුහය සකස් වීමක් නෙමෙයි.
(අවුරුදු 20ක් ක්‍රියාත්මක වීමෙන් අනතුරුව දකුනේ "ජනයාට" පලාත් සභාවලින් ලැබී ඇති බලය හෝ සංවර්ධනය කුමක්ද?ජනතාවගේ අභිවෘද්ධිය කොහොම වුනත් බර්ටි ප්‍රේමලාල්ලා,ෂාන් විජයලාල්ලා,රෙජිනෝල්ඩාලා හා ඔවුන්ට වියදම් කල මුදලාලිලාගේ නම් අභිවෘද්ධිය හොදට සැලසෙන්න ඇති.
උතුරට දුන්නත් ඕකම තමයි)